මා සනසා මා නළවා - මර්වින් පෙරේරා | Ma sanasa - Mervin Perera - sinhala lyrics


මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා //
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ

මා සනසා මා නළවා...

රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා //
හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී සුරඟ මා සොයාවී

මා සනසා මා නළවා...


ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : පුණ්‍යසිරි මහවත්ත
ගී පද : කේ ඩී කේ ධර්මවර්ධන

Comments

  1. අවශ්‍ය ගීතයක් තිබුනොත් මුලින්ම මතක්වෙන ගී පැදුරට ජය වේවා !
    මේවා පොඩ්ඩක් ආයේ බලන්න.

    හදේ ලැගුම් "අයැදියි" කියලා වෙන්න ඕනි

    "ඉඟිමරා" "රැඟුම්" "හැඟුම්" ඕවනම් පොඩි පොඩි ඒවා.

    සඳුන් සිහිල යාවී නෙවෙයි සිහිල "යාවේ"

    "සුරංගී" තනි වචනයක් නේද ? මටත් ශුවර් නෑ.

    ඔබට සදා ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! මෙහෙම අවුල් වුණ තැන් පෙන්නල දෙන එක ලොකු දෙයක් අපට :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...