උදුම්බරා මනාලියේ - දයාරත්න රණතුංග | Udumbara Manaliye - Dayarathna Ranathunga - sinhala lyrics


උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//

අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා.....

කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා
සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා....

ගායනය - දයාරත්න රණතුංග
සංගීතය - සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන

Comments

  1. පළමු අන්තරා කොටස මෙසේ විය යුතුයි..

    අංජන මධු සුවඳ පැනින් රූ සිරි වත දොවා
    රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා..

    පද - උපාලි ධනවලවිතාන
    ස්වර - සරත් දසනායක

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ.... ස්තූති වේවා!

      Delete
  2. බොහොම ස්තුතියි #ගීපැදුර

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...