කැමීලියා මල් සුවඳට (සින්ඩරෙල්ලා) - කිත්සිරි ජයසේකර | Camellia mal suwandata (Cinderella) - Kithsiri Jayasekara - sinhala lyrics


කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා

කැමීලියා මල් . . .

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා


ගායනය - කිත්සිරි ජයසේකර
සංගීතය - කසුන් කල්හාර
ගී පද - චාමින්ද රත්නසූරිය




වීඩියෝව ගත්තෙ - chandufilms

Comments