මිණි මිණි පොද වැටේවි - එඩ්වඩ් ජයකොඩි | Mini mini poda watewi - Edward Jayakodi


මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්....//

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්....

මිණි මිණි පොද වැටේවි...//

බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්...

මිණි මිණි පොද වැටේවි...//

ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : කරුණාරත්න විජේවර්ධන

Comments

  1. මල් මිණි දැදිරි වේවි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...