සද හිරු තරු - වික්ටර් රත්නායක | Sanda hiru tharu - Victor Rathnayaka


සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ....

කලක මෙහෙන් චුත වෙනවා...
එලොව ‍ගිහින් වැජබෙනවා...//
පෙලපත නම වෙනස්වෙලා - ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක - අපි මැරෙන්නෙ නෑ...

සද හිරු තරු...//

හැරමිටියෙන් ඇවිදින්නෝ...
අපට එරෙහි වී එන්නෝ...//
සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ...

සඳ හිරු තරු...//

ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: වික්ටර් රත්නායක

Comments

  1. http://www.mediafire.com/?53oobnfjqnm

    ReplyDelete
  2. මේ ගීතයේ නිවැරදි තේරුම පැහැදිලි කරන්න

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...