ඈත රන් විමන් - ප්‍රියා සූරියසේන | Atha ran wiman - Priya sooriyasena - sinhala lyrics


ඈත රන් විමන් දොරින්
පාට සේලයෙන් සැදී..//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...හහ හා හා හා හහ හා...

මේ ලොවින් එ‍හා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්...//
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

රෑට තරු දහස් ගණන්
ඈත සුර පුරෙන් වැටී..//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හා හා හහ හා...

ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී..//
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

ඈත රන් විමන් දොරින්...//

ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන

Comments

  1. මෙම් ගීතයේ තනු නිර්මානය ක්ලැර්න්ස් විජේවර්ධනයන්ගෙනි.

    ReplyDelete
  2. ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ෂෙල්ටන් වීරරත්න
    සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන

    ReplyDelete
    Replies
    1. පද රචනයනම් ප්‍රේම්ගෙ කියලයි මතක!

      Delete
    2. This comment has been removed by the author.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...