අරලිය ලන්දට - නන්දා මාලිනී  | Araliya landata - Nanda Malini - sinhala lyrics


අරලිය ලන්දට - සඳ පායන කොට
තුරුලිය මල් වට - බඹරු බමන විට
සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
ගී පද ලියැවෙනවා...

රඹවන් හේනේ - කරල් පැසෙන කොට
අඹ මල් ගානේ - ගිරව් හඬන විට
දොඹ තුරු මානේ - සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා - එතකොට
සි ති විලි ඉගිලෙනවා...

අරලිය ලන්දට...//

දඬු‍වැල් බෑ මී - සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ - තරු පායන විට
හැඬුමට නොහැකිව - දෙඇස වසන මට
ඔබ ගැන සිහි‍වෙනවා - එතකොට
සි හි නය උපදිනවා....

අරලිය ලන්දට...//

ගායනය : නන්දා මාලිනී
පද රචනය : ප්‍රියන්ත ධර්මවංශ
සංගීතය : කාලෝ විජේසිරි

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...