සුදු ඇඳුමින් - ජය ශ්‍රී | Sudu andumin - Jaya Sri



සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ

පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

ගායනය - ජය ශ්‍රී
සංගීතය - ජය ශ්‍රී
ගී පද - රෝහිත ජේ
චිත්‍රපටිය - මිල්ලෙ සොයා





Jayasri

Comments