සඳත් ඉරත් නැති - වික්ටර් රත්නායක | Sandath irath nathi - Victor Rathnayaka


සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්...
ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
මිනිස්පුරේ ඇයි තනියක්...//

ගලා ගලායන ගඟේ පිරී දිය
ඇලේ දොලේ ඇසුරට වී
සිනාසිසි වන පෙතේ හිදී
රස දිදි රුවන් තුඩ ඇතිරී...

සඳත් ඉරත් නැති...//

‍සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ විදි ‍ලොව සිතුසේ...
ඔබේ මගේ රැල බෙදී බිදීයන
සුළං කැරැල්ලේ දුකසේ...

සඳත් ඉරත් නැති...//


ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...