සෙනෙහසකට අරුතක් - අසංක ප්‍රියමන්ත පීරිස් | Denehasakata aruthak - Asanka Priyamantha Peiris


සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...

සෙනෙහසකට අරුතක්...//

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...

සෙනෙහසකට අරුතක්...//

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : මහින්ද බණ්ඩාර




kell supun

Comments

  1. කියන්න දෙයක් නෑ. හරිම අර්ථවත් ඒ වගේම මම ආසම සොන්ග් එකක්...?

    ReplyDelete
  2. මේ ගීතය ඇත්තටම ලිව්වේ "ප්‍රියානන්ද විජේසුන්දර". කැසට් පටයේ මුද්‍රණ දෝෂයක් තමයි මේ තවම පවතින්නේ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...