ආදරයේ උණුසුම් සුසුම් - අමරසිරි පීරිස්, නිරෝෂා විරාජිනී | Aadaraye Unusum Susum - Amarasiri Peiris, Nirosha Virajini



ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
ලොව නවතීවා සැනෙකින්
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද‍ මෙතරම්

දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට
අනේ ලෙන්ගතුදැයි කෙතරම්
බිළිඳකු‍ සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින්
සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයි සිතේ

ආදරයේ උණුසුම්..//

සීතල දෙතොලින් සිසිල‍සකින් මුමුණනවිට
අනේ හීනෙන් දැයි නෑ‍ගෙයි
හාදු මතින් නළලේ උණුසුම් තිළක තියා
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

ආදරයේ උණුසුම්...//

ගායනය - අමරසිරි පීරිස් සමඟින් නිරෝෂා විරාජිනී
සංගීතය - අමරසිරි පීරිස්
ගී පද - නිලාර් එන්. කාසිම්




වීඩියෝව ගත්තෙ - Sarasavi Gee Sisila

Comments