නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ | Ninda Nathi Raye - Gunadasa Kapuge


නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...

නින්ද නැති රැයේ...//

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...

නින්ද නැති රැයේ...//

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

Comments

  1. අල්ලට ශිල්ප සිගා ... සින්දුවේ පද පුලුවන්නම් දෙන්න.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...