සොඳුර නුඹ ලිහිණියකි - ගුණදාස කපුගේ | Sodura Nuba Lihiniyaki - Gunadasa Kapuge



සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින

අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද
සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය

සොඳුර නුඹ...//‍

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙනු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක

සොඳුර නුඹ...//

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

Comments

  1. කපුගේටම ලියවුණු ගීයක්, මේ ගීයේ ගැබ්වුනු අදහස තීව්‍රව මතුවෙන්නෙ කපුගේගෙ හඬින් විතරමයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...