කිමද සුමිහිරියේ - සී. ටී. ප්‍රනාන්දු | Kimada sumihiriye - CT Fernando


කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ
රහස නැත දන්නේ ... //

සෙවණැල්ල වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නෙ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ හිතට සුව දේ

කිමද සුමිහිරියේ....

කෙහෙරැල්ල වැටී නළලට සිරසේ
සිහිලක් දේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා බර වී නැමිලා
ළං වෙන්න එයි මැණිකේ
දුටුවාම හදවත ඔබේ
දුටුවාම හදවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් හිඳ
අගේ කරන්නද
කියන්න සුරතලියේ

කිමද සුමිහිරියේ....

ගායනය - සී. ටී. ප්‍රනාන්දු
සංගීතය - සී. ටී. ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර

Comments