ඔබෙ සිත මා සිත - කසුන් කල්හාර | Obe sitha ma sitha - Kasun Kalhara


ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිලි සංගිලි පාලම
ඒ මේ අත වැනෙනා
චකිතය සිත තනනා

ඇඟ සමබර කර එන්නෙ කොහොමද
හමනා විට ආදරේ කුණාටුව
ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ
ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
මා මියදුනත් කමක් නෑ

කීරි ගැහෙන කන් අයා සිටින්නද
බිදෙනා විට පාළමේ රැහැන්පට
දෑස පියාගෙන මං පියවර මැන්නා
ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා
අප සිත් වෙන් කළ පාලම බිඳුණා

ගායනය - කසුන් කල්හාර
සංගිතය - නවරත්න ගමගේ
ගී පද - රනිල් ජයසේන




වීඩියෝව - lshdmsaf89


Comments

  1. ඕඩියෝ ඔකත් දෙන්න පුළුවන් නම් සුපිරියි...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...