අතීතය සිහිනයක් පමණයි - කරුණාරත්න දිවුල්ගනේ | Atheethaya sihinayak - Karunarathna Divulgane


අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ //

තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නෑ //
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නෑ

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම් 
මෙදා වියොවක් නෑ

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ //
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම් 
මෙදා වියොවක් නෑ //

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : පල්ලේගම හේමරතන හිමි
සංගීතය : නාලක අංජන කුමාර


Comments

  1. මන්දිර බිඳ වැටී කඳුළු වැටුනත් - සිනහ අඩුවී නැ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...