මධු චන්ද්‍රයා මේ - කසුන් කල්හාර | Madhu Chandraya - Kasun Kalhara


මධු චන්ද්‍රයා මේ මෝදුවේ
උන්මාදනීය රාත්‍රියේ...
අනංග දෙවොලේ
දල්වා දීපාවලී...
මධු චන්ද්‍රයා මේ මෝදු වේ...
මධු චන්ද්‍රයා මේ මෝදු වේ..

වරල සිකි පිල් සෙමෙර සලමින්
නයන නිළුපුල් සුවද ඉසිමින්
උරමඩල සියපත වතින් නිති සරසා
මිලාන හදවත තුරු සිරින් සදමු...

දෙතොල මී..විත අමා පුදමින්
දෙතන කලසින් පවස නිවමින්
සිරියහන සුවහස් දමා පුළු උකුලේ..
පතිකුලය සුමිහිරිය සදා රැක ගනිමු..

මධු චන්ද්‍රයා මේ...//

ගායනය : කසුන් කල්හාර
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ

“කුස පබා“ චිත්‍රපටයේ ගීතයකි.

Comments

  1. කුස පබා චිත්‍රපටයේ ලස්සන ගීත ගනනාවක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ගීත ටික ලස්සනට ඇති

    ReplyDelete
  2. “අනංග දෙවොලේ දල්වා දීපාවලී“ , “වරල සිකි පිල් සෙමෙර සලමින්“, “දෙතන කලසින්“ වගේ මට නම් ඇහෙන්නෙ...
    පොඩ්ඩක් බලන්න.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...