මගේ උපන් දින - ජේ.ඒ. මිල්ටන් පෙරේරා | Mage upan dina - JA Milton Perera


මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා...//

ලොවේ වෙසෙන තුරු නොමියෙන නොහැරෙන
කුසුමක් පිබිදී ඇතත් සිතේ
උදේ පුබුදු වී සවසට මැලවෙන
මල් නැතිවට මට කමක් නැතේ

දෑසින් ගිලිහෙන කඳුළු බින්දු ගෙන
හද තුල පිපි මල තෙමන්නෙමි
සිහිනෙන්වත් කිසි වෙනසක් නොව මා‍
මෙලෙසින් නිරතුරු වසන්නෙමි

මගේ උපන් දින ඔබ දුන් මල් දෙක...


ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය - උපේන්ද්‍ර ප්‍රනාන්දු
ගී පද - කරුණාරත්න අබේසේකර (තහවුරු කරන්න)



වීඩියෝව ගත්තෙ -  goonewj

Comments