මාස්ටර් සර් - නෙවිල් ප්‍රනාන්දු | Master sir (Panam aten) - Neville Fernando - sinhala lyrics


පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ

එදා දවස උදාවේදෝ...///


පද - කරුණාරත්න අබේසේකර
තනු - නිමල් මෙන්ඩිස්
ගායනය - නෙවිල් ප්‍රනාන්දු

මේ ගීතය තරම් විවිධ අනුවාද සහිත වෙනත් සිංහල ගීතයක් නැති තරම්. මුල් ගීතය මෙතනින් අහන්න.

Comments