සරස වසන්තය - අමරසිරි පීරිස්, අනෝමා රාසපුත්‍ර | Sarasa Wasanthaya - Amarasiri Peiris, Anoma Rasaputhra



සරස වසන්තය ආයෙත් එනවානම්
මගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන්යන්නට
සරස වසන්තය ආයෙත් එනවානම්...

ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටුවක එය හංඟා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට
ආයෙත් හමුවී හිනා නගන්නට..

සරස වසන්තය ආයෙත් එනවා නම්...

දෙනෝදහක් මැද සිත් හංඟන්නට
සැගවූ ප්‍රේමය නෙතින් කියන්නට
කාත් කවුරුත් නැති සීමාවක
හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට

සරස වසන්තය ආයෙත් එනවානම්...//


ගායනය : අනෝමා රාසපුත්‍ර සමඟින් අමරසිරි පීරිස්
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : ජගත් ජයවර්ධන


Comments

  1. සරස වසන්තය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණය මම මේ ගැන හේඳට දන්න කෙනෙක්ගෙන් ඇහුවා. මෙතන කමෙන්ට්වල තියෙනව උත්තරේ..

      http://wehimandarama.blogspot.com/2013/04/blog-post_30.html

      Delete
  2. ගීතයේ පද රචකයාගේ නම, සංගීතවේදියාගේ නම සහ ගායක ගායිකා දෙදෙනගේ නම් සහිතව ගීය මෙහි ඇතුලත් කිරීම බෙහෙවින්ම අගය කරමි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...