හිමින් සැරේ ඔබ ආවා - අජිත් කුමාරසිරි | Himin sere oba awa - Ajith Kumarasiri


හිමින් සැරේ ඔබ ආවා
මගෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා... //

හීන වලට දුක ගාලා
ඔබ ආවා
මගෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා...

සුසුම් වලට දරාගන්න බැරුවා
දොර කවුළු තිර විවර වුණා
ඔල්වරසන් නැගුනා හිත
ඈ රැඟුමන් රැඟුවා

කාලය ගෙවී ගියා
අපෙ ලෝකේ
අප බලා සිටියා
ආදරේ නොකියා...

හිමින් සැරේ ඔහු ආවා
ඔබෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා...//

හිමින් සැරේ ඔබ පිටව ගියා
මගෙ ලෝකෙන්
මා බලා සිටියා
ආදරේ නොකියා...//


පද, තනුව සහ ගායනය - අජිත් කුමාරසිරි

Comments