නෙත නෙතට හොරා - අමල් පෙරේරා | Netha nethata hora - Amal Perera


නෙත නෙතට හොරා
හද පතුල බලා
පද බැන්ද සුපෙම් කවියේ
නද තාල සිඳී පද පේලි බිඳී
සිත කෑලි කැඩී විසිරේ...

සඳ පෙනෙන රැයේ
ඔබ ළඟට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහී
නිදියන්න මගේ හදෙහී

ඔඛෙ සුවඳ රැයේ
මල් බිමට නැවේ
පිණි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගේ පියුමී
හිනැහෙන්න මගේ පියුමී

නෙත නෙතට හොරා
හද පතුල බලා
පද බැන්ද සුපෙම් කවියේ
නද තාල සිඳී පද පේලි බිඳී
සිත කෑලි කැඩී විසිරේ

ගායනය - අමල් පෙරේරා
සංගීතය - අමල් පෙරේරා
ගී පද - හිමාලි සයුරංගි


වීඩියෝව ගත්තෙ මෙතනින් - Amal Perera

Comments

  1. අමල්ට හොඳ ගායන කුසලතායක් තිබුණත්, ඔහුගෙ ගිත ඒකාකාරි බවක් තියෙනවා. ඒක අවුලක්. මම මේ ගැන අස්වැන්න තුළින් පෝස්ට් එකක් ලියන්න හිතගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ හඬ පරාසයේ තනුවක් නිර්මාණය කරන්න ලංකාවෙ ඉන්නෙ කසුන් සහ නදීක දෙන්න විතරයි කියලයි මට හිතෙන්නෙ. ඔහුගෙ ඇල්බමයෙ තියෙන සින්දුනම් ගොඩක් වෙනස්. තවම ඔහුගේම කියල සින්දු 10-15ක් විතරක් තියෙන නිසා මුකුත් කියන්න අමාරුයි!

      Delete
    2. ඇත්තටම අමල් මේවන විට ගීත ඇල්බම් දෙකක් කරලා තියෙනවා. සුන්දරයි ආදරේ, සහ මල්පිට මල් , මේ දෙකම කාලයක් තිස්සෙ අහනවා හිතට වදින තැනක් හොයාගන්න ඒත් හොඳ හැකියාවක් ඇති හඬක් කොහේදෝ තැනක නතරවෙන බවක් දැනෙනවා. ඒකයි මට ඇති අවුල.
      ඔබ සඳහන් කළා වගේම කසුන් සහ නදීක දෙන්නගේ ටිකක් ඔබ්බට ගිහින් මර්වින් පෙරේරා හදපු ගිතනු කීපයක් තියෙනවා.ඒත් ඒවායේ පදමාලා ඒතරම් ශක්තිමත් නැහැ.

      Delete
    3. ඔය සුන්දරයි ආදරේ නම් මම එකපාරක් අහල අයින් කලා... ගී පදමාලා ප්‍රශ්ණෙ නම් තියෙනව තමයි. කොහොමත් ප්‍රේමකීර්තිගෙන් පස්සෙ ලංකාවෙ දැණෙන්න ලියන්න පුළුවන් කෙනෙක් හැදුණෙම නෑ වගේ...

      Delete
  2. මේ ගීතය ලියල තියෙන්නෙත් අමල්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...