මැණිකේ ඔබේ සිනාවේ - නෙවිල් ප්‍රනාන්දු, රුක්මණී දේවි | Menike obe sinawe - Neville Fernando, Rukmani Devi


මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ//

මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ
මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ
පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ
පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ


සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ
සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ
ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ
ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ


ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ
ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ
සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ
සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ

මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ//

මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ
මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ
පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ
පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ

මැණිකේ ඔබේ සිනාවේ...


ගායනය - නෙවිල් ප්‍ර්‍රනාන්දු, රුක්මණී දේවි
සංගීතය - නෙවිල් ප්‍ර්‍රනාන්දු
ගී පද - හේම ශ්‍රී ද අල්විස්




වීඩියෝව ගත්තෙ - Andrew Perera

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...