නොදැක ඉන්න බෑ - රුවන් හෙට්ටිආරච්චි | Nodeka inna bae - Ruwan Hettiarachchi


නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී


පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා...
මතකේ දරා හිඳිමී සදා...


මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දොවා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා...
දිවියේ පුරා හිඳිමී බලා...

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...


ගායනය - රුවන් හෙට්ටිආරච්චි
තනුව - රුවන් හෙට්ටිආරච්චි
ගී පද - සජිත් විනෝද් ප්‍රනාන්දු


Comments

  1. නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී - මෙය
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ ලෙස නිවැරදි විය යුතුයි නේද?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...