උතුරින් එන දුම්රියෙ - කරුණාරත්න දිවුල්ගනේ | Uthurin ena dumriye - Karunarathna Divulgane


උතුරින් එන දුම්රියෙ දේවී
කවුළුව ළඟට වෙලා
නොරවන් මට දේවී නැත මා
කිසි වරදක් කරලා //

මාල තෝඩු තාලි සිලම්බු
අමනාපෙන් අහක බලන්නේ//
ඔය නෝක්කඩු බැලුම් යටින්
සෙනෙහසදෝ හඬා වැටෙන්නේ

උතුරින් එන...

ගම හැරදා නුඹ ගියදා
කෝවිල් යන හිත වැළපෙන්නේ//
අපි දෙවියන් සමගයි තව ඉන්නේ
සිනා සිසී ඔබ බිමට බසින්නේ

උතුරින් එන...


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගී පද - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය - ගුණදාස කපුගේ


Comments

  1. මේ ගීය මුල්වරට ඇහුවෙ රජරට සේවයේ දිවුල්ගනේගේ සරල ගී වැඩසටහනකින්. එතකොට කපුගේ රජරට සේවයේ සංගිත වැඩසටහන් නිෂ්පාදකයෙක් වෙලා රජරටට ආව දවස්වල තමයි මේ ගිය මුල්වරට බිහිවුනේ.
    ගීත රචකයා වගේම දිවුල්ගනේත් රජරට නිසා තනිකරම රජරට ගීයක්. මේ ගීයේ කියවෙන්නේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිදුවූ සිදුවීමක්.

    මේ ගීතරචකායා ගුරුවරයෙක් වුනත් වර්තමානයේ රජරට ආණ්ඩුකාර පදවිය හොබවන දිවුල්ගනේ ගේ පෞද්ගලික ලේකම්

    ReplyDelete
    Replies
    1. අපි ඕ ලෙවල් පංති වල ඉද්දි ඉස්කෝලෙ තිබුණ සාධු ජන රාව ප්‍රසංගයක්. ඒක ප්‍රසංගයක්මත් නෙවෙයි. අතරින් පතර සිංදු ගැන විශ්ලේෂණ එක්ක පොඩි පොඩි දේශන තිබුණා. රූකාන්තට එහෙම පලු යන්න බැන්නා. ඒකෙ දේශනයක් කලා මහින්ද චන්ද්‍රසේකර මහත්තයා. එතනදි කියවුන සිංදු වලින් තමයි එයාව අඳුනගන්න ලැබුණෙ :-)

      Delete
  2. මේ ගීතය දේශපාලන හෝ වෙන නායකත්ව විසින් එසේ නැතහොත් අතීතයේ එන නෝක්කාඩුවක් නිසා උතුරත් දකුණත් දුරස්ව ඇත මිස වර්තමානයේ ජීවත්වන අයගේ වරදකින් නොවන බව මතක් කර දෙන ගීතයක් බවයි මා අසා ඇත්තේ

    ReplyDelete
  3. මේ ගීතය දේශපාලන හෝ වෙන නායකත්ව විසින් එසේ නැතහොත් අතීතයේ එන නෝක්කාඩුවක් නිසා උතුරත් දකුණත් දුරස්ව ඇත මිස වර්තමානයේ ජීවත්වන අයගේ වරදකින් නොවන බව මතක් කර දෙන ගීතයක් බවයි මා අසා ඇත්තේ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...