අසෝක මල් මාල නෙළාලා - එම්.එස්. ප්‍රනාන්දු | Asoka mal mala nelala - MS Fernando


අසෝක මල් මාල නෙළාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා //

බලන්න ලක්ෂනයි
වනයේ පිපුණ මලට දෙවෙනි නෑ වගෙයි
සුරංගනාවියක්ද මේ
කියන්න ආදරී
කවුද මෙ ඔබ තනිව වනේ ගී ගයා
ප්‍රීති වෙලා ප්‍රීති වෙලා

අසෝක මල් මාල නෙළාලා...

ඔබේ දුගී පැලේ
සතුට සැපත මිහිරි සුවය ඇත ළදේ
නැතේ ම රාජ මංදිරේ..
නොයන්න ආදරී
ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා
එපා එපා රජ සැපා

අසෝක මල් මාල නෙළාලා...

ලියාවි සිංහලේ
ඉතිහාසේ අපගෙ පෙම් කතන්දරේ
උනොත් මගේ ප්‍රියම්බරී
අසෝක මාලියේ
සාලි කුමරු මම වෙමි ත්‍රී සිංහලේ
මනාලියේ මනාලියේ

අසෝක මල් මාල නෙළාලා...

ගායනය, තනුව, පද - එම්.එස්. ප්‍රනාන්දු


Comments

  1. පොතකට ඔක්කොම එකතු කරනව ඇති කියල හිතනව

    නැතිනම් සීය සීය වාගේ එකතු කරල PDF එකක් වත් හදමුද?

    ට්‍රිප් යන පාටි යන අයට හොඳ එකතුවක් වේවි

    ජයවේවා ඈ - මේ කරගෙන යන වැඩේට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. පොත්වල නම් ලියවෙන්නෙ නෑ. .txt ෆයිල් වල තමයි ටයිප් කරන්නේ. අපි බලමු ඉදිරියෙදි අරහෙම pdf වැඩක් කරන්න :-)

      Delete
  2. නියමයි..එම් එස් ගැන වැඩිය කවුරුවත්ම ලියන්නෙ කතාකරන්නෙ නෑ. මමත් ඉඩක් ලද වෙලාවක එම්එස් ගැන පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
  3. එම් එස් ගේ අමුතුම සින්දුවක් මෙතන තියේ

    http://hadageepotha.blogspot.com/2011/09/blog-post.html

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...