චන්ද්‍ර මඬල - සුනිල් එදිරිසිංහ | Chandra madala - Sunil Edirisinghe


චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා //

පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නඟේ //

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා...

දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැණෙයි නඟේ //

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා...


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ



Comments

  1. මේ ගීය තනුවට වචන ලියපු ගීයක්. ඒවුන් අතිවිශිෂ්ඨ නිර්මාණයක්. මේ ගීතයේ සංගීතයේ තබ්ලාව ටං ටං ගාන සංගිත කණ්ඩය තබ්ලාවෙන් නිර්මානය කලේ විජේරත්න රනතුංග එතුමාගේ නිර්මානාත්මක සංගිතය අති විශිෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ මේකෙ තබ්ලාව ඇහෙන්නෙ වෙනස්ම විධියකට‍ නේද?

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...