දකුණ නැගෙනහිර - සුනිල් සාන්ත/ අයිවෝ ඩෙනිස් | Dakuna nagenahira - Sunil Santha/ Ivor Dennis


දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

කන්දට කෙන්දට කොන්දට හුරුවී
වන් වන් අත සුරුවී
විපත පවා සැපතට හරවාලා
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු
නැඟැ නැඟැ යමු දියුණේ
බාධා වලටද බාධා ගෙනැ දී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ



ගායනය - අයිවෝ ඩෙනිස්
ගී පද - අරිසෙන් අහුබුදු
මුල් ගැයුම, තනුව - සුනිල් සාන්ත



LankaMusicTube

Comments

  1. මෙහි 'රන්වන් අත' යන්න 'වන් වන් අත' ලෙස නිවැරදි විය යුතුයි.

    ReplyDelete
  2. ගොඩක් වටින දෙයක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...