දොඹ මලින් මලෙක - එඩ්වඩ් ජයකොඩි | Domba malin maleka - Edwerd Jayakodi - sinhala lyrics


දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ//

හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි
සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි
නව යෞව්වනේ පිපි මල් වනේ
රණ තිසර ළමැද සෙවණේ මධු සාදයයි

දොඹ මලින් මලෙක රේණු තලන...

වන වදුළු පුරා නිල්ල නිලන කාලයයි
රණ මොණර කිකිණි හඬින් නැගෙන තාලයයි
හසරැල් සලා කඳුලැල් නිවා
සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි

දොඹ මලින් මලෙක රේණු තලන...//


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමරදාස සපුතන්ත්‍රී




Comments