කඳුළු දෙන්න මට හඬන්න - සුනිල් එදිරිසිංහ | Kandulu denna mata handanna - Sunil Edirisinghe


කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසළ වන්න//

හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න මට හඬන්න...

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න මට හඬන්න..


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ජයරත්න ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ


Comments

  1. සුනිල් එදිරිසිංහ මහත්තයගෙ ඔක්කොම සිංදු හොදයි... ඒ අතරින් මේක ඉහලයි...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...