ඔයා නිසා හඬලා - රොෂාන් ප්‍රනාන්දු | Oya Nisa Hadala - Roshan Fernando


ඔයා නිසා හඬලා - මගෙ ඇසුත් රිදුනා..
තරහ වෙලා - හැර ගියදා..
පාළුවේ උන්නේ...වේදනා දැනුනේ...//

සිහිකරලා ඔබ ගැන මා හඬලා..
තවමට නැ සැනසිලක් ලැබිලා..
පෙම බිඳලා - ඔබ ගියදා ඉදලා..
තනිවීලා ඉන්නේ සැමදා...
ඉන්නේ සැමදා...

ඔයා නිසා හඬලා...

සෙනෙහස මා මද සුලඟක් කරලා..
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා..
සුසුමක් වී - ඒ සුළගේ එතිලා..
ඉමු නැලවී මා හා බැදිලා...
මා හා බැදිලා...

ඔයා නිසා හඬලා...//

ගායනය : රොශාන් ප්‍රනාන්දු
පද රචනය : අයෝධ්‍යා ප්‍රනාන්දු
සංගීතය : රදීශ් වැන්දබොන

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...