තරුද නිදන මහ රෑ - නන්දා මාලිනී | Tharuda nidana maha re - Nanda Malini


තරුද නිදන මහ රෑ
නිදමි ම හද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ //

පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්

තරුද නිදන මහ රෑ...

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුණු කුසුම්

තරුද නිදන මහ රෑ... //

ගායනය - නන්දා මාලිනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - සුනිල් ආරියරත්න



Comments

  1. APE RATATA LASSANA ADAHAS ETHI GEETHA GAYANA KARANA "NIRAHANKARA" KANTHAWAK Nanda Mlanee. ethumiyata DIGASIRI pathami.

    ReplyDelete
  2. මේ තනුවට සහ සංගීතයට මම හරිම ආසයි.ඊටම ගැලපුන පදමාලාව තනුව තවත් රසවත් කලා.

    ReplyDelete
  3. ඔබ හඬනා හඬ - මා සවනේ රැව්දේ ......

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...