උපත ලබා මේ ලෝකේ - ධර්මදාස වල්පොල | Upatha laba me loke - Dharmadasa Walpola


උපත ලබා මේ ලෝකේ
සැපත නැතේ වේ සෝකේ
උපත ලබා මේ ලෝකේ
සැපත නැතේ වේ සෝකේ
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ

දනපතිඳා හා දුගියා
කුලපතිඳා හා රොඩියා
කුලපතිඳා හා රොඩියා
නැණවතු හා මෝඩ ජනයා
බලවතු හා ලෝ සැමටා
නැණවතු හා මෝඩ ජනයා
බලවතු හා ලෝ සැමටා
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ

සැපම සොයාලා නිතිනී
මනුසත මේ ලෝ රැවටී
මනුසත මේ ලෝ රැවටී
රුදු අපරාදේ ගැලෙතී
ගොර දුක වේවී නිරෙහී
රුදු අපරාදේ ගැලෙතී
ගොර දුක වේවී නිරෙහී
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ

සැම රෙදි සේදී ජලෙනී
පිරිසිදු වේවී සොඳිනි
පිරිසිදු වේවී සොඳිනි
දන මන සෝදා ලනසේ
ඔසු නැත මේ ලෝකේහී
දන මන සෝදා ලනසේ
ඔසු නැත මේ ලෝකේහී
විපත යෙදේවී කර්මේ පාපේ ලෙසේ
කර්මේ පාපේ ලෙසේ


ගායනය - ධර්මදාස වල්පොල
සංගීතය - ආර්. මුත්තුසාමි
ගී පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
චිත්‍රපටිය - මාතලන්



Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...