ඉස්සර මං ගිය පාසැල ඇරිලා - සුනිල් එදිරිසිංහ | Issara man giya pasala arila - Sunil Edirisingha


ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
බිම් මල් හිනැහී හිස වැනුවා
ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට සිතුනා

ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
සංගීතය : එච්.එම්.ජයවර්ධන
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී

Comments

  1. ලස්සන ගීයක් මම හිත්න්නේ..සංගීතය රෝහණ වීරසින්හ කියල.

    ReplyDelete
  2. මේ ගීය ලිව්වේ කුමාරදාස සපුතන්ත්‍රී සංගිතය: එච්.එම්.ජයවර්ධන. මේගීයේ තිබෙන විශේෂත්වය නම් මේ ගීය තනුවකට අනුව වචන යොදා ලියූ ගීයක් වීමයි.

    ReplyDelete
  3. ස්තූතියි දයානන්ද රත්නායක.

    ReplyDelete
  4. ඔහුට මුවාවී පාසැල් යන්නේ
    මා දැයි නිකමට මට සිතුනා
    Prabath

    ReplyDelete
  5. mahagama sekarayange kavi pelak thiyanawa neda me giyata godak samana.

    ReplyDelete
  6. අතීතයේ ගමේ පාසල් සමයට සිතින් ගෙනයන ගීතයක්..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...