ඔබ පාවී ගීයා - කවීශ කවිරාජ් | Oba Pavi Giya - Kaveesha Kaviraj



ඔබ පාවී ගියා දුර ඈතකට..
මා සසැලී තියා වරු ගානකට..
සැඟවෙන්නෙ නෑ..තරු දෑස..
ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට..

මතක මවන්නේ - රැයේ හීන යායේ
දුක දන්නෙ නෑ.. ඈ මා සිතේ..//
නෙතු ගාවින් තියා රුව මොහොතකට..
ඔබ සැඟවී ගියා වෙන හීනෙකට..

සිතද නොදන්නේ - මැවී ඈව ආයේ..
ඔබ දන්නෙ නෑ.. මගේ ආදරේ...//
ඔබ ඒවී සිතා ලඟ පාතකට..
මා නැවතී බලා ඉමි ආ මඟම..
සැගවෙන්නෙ නෑ තරු දෑස
ඔබ ඒදෝ සොයා මාගේ සිහිනෙකට...

ඔබ පාවී ගියා....//

ගායනය : කවීශ කවිරාජ්


Comments