ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ - ශෂිකා නිසංසලා | Akasaye dura gimhana iwure - Shashika Nisansala


ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ

නන්නාඳුනන මේ රන් තාරකාවෙන්
වළා යහන රන්වන් වෙලා
ඔබේ නුහුරු ගීයෙන්
සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යෞවනේ

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ...

මං මුලා කතරේ කෙම් බිමක්‌දෝ මේ
දිලී නිලන තුරු වැල් අරා
නිදා නො ඉඳ ඉන්නම්
නියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ


ගායනය - ශෂිකා නිසංසලා
සංගීතය - කසුන් කල්හාර
ගී පද - වසන්ත කුමාර කොබවක


වීඩියෝව ගත්තෙ මෙතනින් - NAADA

Comments