පායලා සඳ ගුවන් ගැබේ - ධනපාල උඩවත්ත | Payala sanda guwan gebe - Dhanapala Udawatta


පායලා සඳ ගුවන් ගැබේ ආදරේ කොඳුරයි
නීල දේදුණු නිලා දිලී ආදරේ මුමුණයි
ඇයිද පුන්සඳ පමා වෙලා තරු හා වියෝ වෙලා
මගේ වරදට සමා වෙලා එන්න සිනහා වෙලා

දිලෙයි පුන් සඳ රුවන් මලී තරු හා රුවින් වෙලී
කැලේ මලකට ප්‍රේමින් වෙලී සඳේ දිලෙයි දිලී
ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ බය වෙලා වාගෙයි
කවුද ඔබ ළඟ මමයි ඔබේ ආදරෙ කුමාරියේ

පායලා සඳ ගුවන් ගැබේ...

කවුද ඔබ මා සවන් ගැබේ සැඟවෙලා වාගෙයි
ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ බය වෙලා වාගේ
කොහෙද කොයිබද දයාවියේ මා දා ඔයා ගියේ
කවුද කොහේද කොහේ ගියේ පුන්සඳ කුමාරියේ

පායලා සඳ ගුවන් ගැබේ ආදරේ කොඳුරයි
නීල දේදුණු ලීලා දිලී ආදරේ මුමුණයි
ඇයිද පුන්සඳ පමා වෙලා තරු හා වියෝ වෙලා
මගේ වරදට සමා වෙලා එන්න සිනහා වෙලා

මගේ වරදට සමා වෙලා එන්න සිනහා වෙලා ///


ගායනය - ධනපාල උඩවත්ත
සංගීතය - ලාල් තේනබදු
ගී පද - හෙක්ටර් විජේසිරි



Comments