තරු අත් අකුරින් - වික්ටර් රත්නායක | Tharu Ath Akurin - Victor Rathnayake


තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..//

මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්..
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..
එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්..
පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්...

තරු අත් අකුරින්...//

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ..
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ..
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ..
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ...

තරු අත් අකුරින්...//

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

Comments

  1. කොයි තරම් සරලව, නිර්ව්‍යාජව, අවංකව ආදරය නමැති සුන්දර සිතුවිල්ල ප්‍රකාශ කිරීමක් ද? මම මේ ගීතය මුලින්ම ඇසුවේ උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලේ. ඒ ගී සංකල්පනාව අපේ තරුණ හදවත් කිති කවන්නට සමත් වුනා. බොළඳ, ඕලාරික, හරසුන්, ප්රෙමාලාපයක් සහ මෙවැනි ගී නිර්මාණයක් අතර වෙනස එදාට වඩා හොඳින් අද දැනෙනවා.

    ඇදිරියද යන වචනය යතුරු ලියනයේදී සිදුවූ දෝෂයක් බව පෙනෙනවා. එය ඇඳිරියෙද කියා නිවැරදි කරන මෙන් ඉල්ලනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. පද ගැලපිල්ලේ විශීෂ්ඨත්වය ගැන අටුවාටිකා කියන්න අවශ්‍ය නැ කියල හිතෙන්නෙ ප්‍රේමකීර්ති මහතා අතින් ලැයැවුනු තවත් විශිෂ්ඨ නිර්මාණයක් වූ නිසා යයි මගේ හැගීම.
    ඔබ කියූ ඒ හැගීම තදින් හිතට දැනුන කෙනෙක් විදියට, ඔබට මේ ගීය මුලින් අසද්දී දැනුන හැගීම ගැන මට හොදින්ම තේරෙනවා..
    බොහොමත්ම ස්තූතියි සහෝ ඔබේ අදහසට..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...