පුරුද්දක්ද සසරේ - යෂාන් සමඟින් භාතිය | Puruddakda Sasare - Yashan ft Bhathiya



පුරුද්දක්ද සසරේ හුරු වූ - පරද්දන්න බැරි සේ දිනපු
අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ...
හරස්වෙන්න හැදුවත් කවුරු - වරද්දන්න හැදුවත් කවුරු
වෙනස් නොවූ පවුරයි අප ලදුනේ...

අඳුර පිරුණම දෑස වැසුනම - තනිය දැනුනු නිසා
කදුළු පිරුණම හිතේ හැම තැන - ඔබෙන් පිරුණු නිසා
අදුරේ...දුක සේ...රහසේ...ගෙතුනු...
නොලියූ...කවියේ...මතුවූ...ලදුනේ...

පුරුද්දක්ද සසරේ...//

සිහින පෙනුනම සැපයි හැමදා - හැබෑ කරන නිසා
සුසුම් හෙලුවම සිතේ හැම කොන - ඔබෙන් පිරුණූ නිසා
සිහිනේ...ඇසුනු..රහසේ...දැකපු..
නොරැගූ...රැගුමේ...හැඟුමයි..ලදුනේ...

පුරුද්දක්ද සසරේ...//

ගායනය : යෂාන් ද සිල්වා සමඟින් භාතිය ජයකොඩි

Comments

  1. සිහිනයකි ඔබ මට ජීවිෙත්

    ReplyDelete
  2. කරනා මෙහෙය අගය කරන අතර පද වචන කිහිපයක් නිවැරදි විය යුතුය

    දෙවෙනි පේළියේ "බැදුනේ" යන්න බැඳුනේ ලෙසට ද
    සිව්වෙනි පේළියේ "අප ලදුනේ" යන්න ඔබ ලඳුනේ ලෙසට ද
    හත්වෙනි පේළීයේ "අදුරේ" යන්න අඳුරේ ලෙසත්
    අටවන පේළීයේ "ලදුනේ" යන්න ලඳුනේ ලෙසත්
    එකොළොස් වන පේළියේ "සිතේ" යන්න හිතේ ලෙසත්
    එකොළොස් වන පේළියේ "පිරුණූ" යන්න පිරුණ ලෙසත්
    දහතුන් වන පේළියේ "නොරැගූ" යන්න නොරැඟූ ලෙසත්
    දහතුන් වන පේළියේ "රැගුමේ" යන්න රැඟුමේ ලෙසත්
    දහතුන් වන පේළියේ "ලදුනේ" යන්න ලඳුනේ ලෙසත්
    වෙනස් විය යුතු වේ



    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...