දස බිම්බර මාර සෙනග - සෝමතිලක ජයමහ | Dasa bimbara mara senaga - Somathilaka Jayamaha


දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා //

සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන් //
ගමන් වැඩිය අන්ගීරස
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන් //
මුළු දියතෙහි සිසිල මවා
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ //
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා


ගායනය, සංගීතය, ගී පද - සෝමතිලක ජයමහ

Comments

  1. ස්තුතියි.. වටිනා ගීතයක්

    ReplyDelete
  2. ස්තුතියි කැමතිම ගීතයක්

    ReplyDelete
  3. සිංහල ගීත කේෂ්ත්‍රෙයට මහඟු පිටුවහලක් කළ කලා කරුවෙක්.

    ReplyDelete
  4. ඉතාම උසස් තේරුමක් තියෙන වින්දනීය ගීතයක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...