ග්‍රීස් ගහේ මුදුනටම - අජිත් කුමාරසිරි | Grease gahe mudunatama - Ajith Kumarasiri


ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම
ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා
සිංහල අවුරුදු දවසේ
කොඩිය අරන් මම බැහැල ගියා
ඇය ඔටුණු පැළඳ නගරයට ගියා
සිංහල අවුරුදු දවසේ //

පබාවතිය මගෙ යන්න ගියා
කුසට ගෑස්ට්‍රික් අම්ල තියා
සිංහල අවුරුදු දවසේ

කොළඹ කට්ටියක් අරන් ගියා
ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා
සිංහල අවුරුදු දවසේ
රටක් වටින ඇය යන්න ගියා
වැඩිම මනාපය ඇයට ගියා
සිංහල අවුරුදු දවසේ

රටක් වටින ඇය යන්න ගියා
වැඩිම මනාපය ඇයට ගියා
සිංහල අවුරුදු දවසේ

she has been is sold out
she has been is sold out
she sold out
she has been is sold out
sold out
sold out

ඔබෙ දෙතොල් විකුණන්න
ඔය දෙතන් විකුණන්න
ඔය තැල්ල විකුණන්න
මෘදු ඇගිලි විකුණන්න
ඇහි දෙබැම විකුණන්න
හසරැල්ල විකුණන්න
ඔබෙ බල්ල විකුණන්න
ඔබෙ පූස විකුණන්න
ඔය දෑස විකුණන්න
ඔබ ඔබම විකිණෙන්න
she is sold out
sold
she's been sold out

මුළු රටම සනසන්න
මුළු රටම නලවන්න
මුළු ගතම විකුණන්න
but you my baby
මුළු හිතම මට දෙන්න


ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි


Comments

  1. අජිත් ගේ සමහර ගීත වගේම මේ ගීතයත් හරිම රළු පරළු වැඩි. ඒ ඔහුගේ විලාසිතාව . මොන තරම් රළු වචන තිබ්බත් මේ ගීය මුලින් අහපු දවසේ (අපේ campus එකේ අජිත් ගේ සංදර්ශනයක් තිබුනා දැන් අවුරුදු 5 කට වැඩිය්) අඬපු හැටි මතකය් ඒ තරම් සංවේදී අදහසක් .....අපරාදේ සමහර වචන ඉවත් කලා නම් ගොඩක් ජනප්‍රිය වෙන්න තිබුනා .

    ReplyDelete
  2. මේ වගේ ගීත සංවේදී මිනිස්සු ටිකක් විතරක් හොයාගෙන අහනවා.... එහෙම අවශ්‍ය නැති අය අතරෙ අජිත්ට ජනප්‍රිය වෙන්න ඕන නැතිව ඇති සමහර විට..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...