රන් මීවිත පුරවා - මර්වින් පෙරේරා | Ran meewitha purawa - Mervin Perera


රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ //

තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ //
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී

රන් මීවිත පුරවා සුරතේ හොවා...

කඳුලේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ //
සඳ කැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී

රන් මීවිත පුරවා සුරතේ හොවා...



ගායනය, සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්


Comments