රන් රස වාගේ - සමන් ද සිල්වා | Ran rasa wage - Saman De Silva


රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ
මා හද විමනේ දැල්වෙන පහනේ
සැමදා වේවා ඔබ ආලෝකේ
රන් රස වාගේ ගැලපෙන්නේ
මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

මා වෙහෙසීලා ගෙට එන විගසේ
ආදර බස් පවසන්නේ
මට සලකන්නේ රජෙකුට විලසේ
මගෙ දුක සැප විමසන්නේ
මා පණ විලසේ ඔබ රැකගන්නේ
නෑ කිසිදා දුක දෙන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ...

මල් සර දෝණී පිදුවද සෙනෙහේ
මා නැත ඒ පිළිගන්නේ
මා ප්‍රිය සොඳුරී දෙන මදහාසේ
ඒ ළඳ නෑ මට දෙන්නේ
මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ
මගෙ සහකාරිය වන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ...


ගායනය - සමන් ද සිල්වා
සංගීතය - අර්නස්‌ට්‌ සොයිසා
ගී පද - වර්නන් පෙරේරා

Comments