වන දෙව්ලිය තුරුලේ - ඉන්ද්‍රාණි පෙරේරා | Wana dewliya thurule - Indrani Perera


වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ

සිත පණ ගන්වන
හදේ නිදන් වන
රූ බර ළඳුනනෙ
මද හස පෙන්වන //
කළා වැවේ සුළගින්
ඇගේ ගත සලිත වෙලා
කලා රසික හෙලයන්
සීගිරි අගන නෙලා

සඳ වැනි මුව ඇති
රූබර ළඳුනනේ
කලා රසය ලොව
හඬගා කියමිනි //
දහස් ගණන් නරඹා
සීගිරි බැස යනවා
කළා රසය හොබවා
සිතුවම් පවතිනවා

වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන


සුපර් ගෝල්ඩන් චයිම්ස් මුල් ගීතය

Comments

  1. පද : ක්ලැරස්න් විජේවර්ධන
    සංගීතය : ක්ලැරස්න් විජේවර්ධන

    ReplyDelete
  2. නිවැරදි කරන්න: සිත පණ ගන්වන, රූබර ළඳුනනි.
    ස්තුතියි!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...