අහසෙ ඉන්නවලු - ලයනල් රන්වල, සමන් ද සිල්වා | Ahase innawalu - Lionel Ranwala, Saman De Silva



අහසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු නොදැක වඳිනවලු

ගින්නෙ නටනවලු බෙර හඬට නටනවලු
නටල වඳිනවලු පව් පිහිට පතනවලු //

ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //

මෝල් ගහේ දළු එනතුරු කලු කපුටා සුදුවන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවන තුරු //
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං

අහසෙ ඉන්නවලු...

පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට
බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින //
හේනක් කුඹුරක්වත් නෑ වගා කලේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට

අහසෙ ඉන්නවලු...


ගායනය - ලයනල් රන්වල, සමන් ද සිල්වා
සංගීතය - ලයනල් රන්වල
ගී පද - ලයනල් රන්වල


Comments

  1. niyamai mewo download karanna hadanna link 1k damanna kisivekuta sinhala bhashava jara karanna me web 1 ida denn aepa a r p kalutara

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...