ඔබගෙ සෙවනේ - නීලා වික්‍රමසිංහ | Obage sewane - Neela Wickramasinghe


ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ
සසර සරන තුරුම වාසනා

දෙගුරුන් වෙතින් නික්ම
සුවිසල් ලොවේ
මුදු සීත සෙවණක් සොයා
රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා

ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ...

සිහිලෙන් ගිමන් නිවන
සුවඳක් ලෙසින්
ඔබගේ පැතුම් සරසාලා
ඔබගේ ළඟින් නිබඳ ඉන්නම් ඉතින්
පහනක් ලෙසින් දැල්විලා

ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ...

ගායනය - නීලා වික්‍රමසිංහ
තනුව - රෝහණ වීරසිංහ
පද - කුලරත්න ආරියවංශ


Comments

  1. ඔබගේ ගී පෝස්ට් සියල්ලටම කොමන්ට් නොකලාට, ගී පොස්ටුවක් පලවූ පසුත්, ගීතයක් සොයා ගන්න අවශ්‍ය වූ වේලාවටත් අනිවාර්යෙන් ම එනවා.

    ReplyDelete
  2. නිරන්තරයෙන් රැඳී සීටීම ගැන ගී පැදුර කණ්ඩායමේ ස්තූතිය! :-)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...