තිළිණේ ලෙසින් - ඉන්ද්‍රාණි පෙරේරා | Thiline lesin - Indrani Perera


තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා සැදූ
පරවී නොයේ ඒ මල් සැලේ
මගේ ආදරේ ඒ වගේ
මගේ ආදරේ ඒ වගේ

දුර ඈත සයුරෙන් එහා
පිට වීලා යනවා කියා //
දැන ගත්ත මොහොතේ හඬා
දැක ගන්න ආවේ සොයා
දැක ගන්න ආවේ සොයා

තිළිණේ ලෙසින් පිළිගන්වමි...

ඔය දැත දෑතේ තියා
කොඳුරන්න යන්නම් කියා //
රිදවන්නේ ඇයි මා මෙසේ
ඔබ නේද මගේ ජීවිතේ
ඔබ නේද මගේ ජීවිතේ

තිළිණේ ලෙසින් පිළිගන්වමි...


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා (ත්‍රී සිස්ටර්ස්)
සංගීතය - මිල්ටන් පීරිස්‌
ගී පද - වර්නන් පෙරේරා


Comments