හිත ගාව දඟ කලා - වික්ටර් රත්නායක | Hitha gava danga kala - Victor Rathnayaka

හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා //

සන්සුන් වු කල්පනා
විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා
මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා
විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා
සුසුම් ආරාධනා

හිත ගාව දඟ කලා...

සිනිඳු මල් පෙති පුරා
බඹර ගී ලියැවුනා
සිවු නෙතක් ළං කළා
ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා
නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා
සෙනෙහෙ ආරාධනා

හිත ගාව දඟ කලා... //


ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කුසුම් පීරිස්


Comments