මී පැණි රහසක් - කිත්සිරි ජයසේකර | Mee pani rahasak - Kithsiri Jayasekara


මී පැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සීතල පහසක්
දැණුනා සීතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා

සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලම්

මී පැණි රහසක්...

මනාලියේ ලැජ්ජා ඇත්නම්
දෑස වසා ගනු මැන දෝතින්
රාත්‍රිය ගෙවිලා යයි විගසින්
දුන මැන ඉල්ලන රස මධුපැන්

මී පැණි රහසක්...


ගායනය - කිත්සිරි ජයසේකර
සංගීතය - සිරිල් පෙරේරා
ගී පද - සුනිල් විමලවීර


Comments