කල්පනා ලොව මල් වනේ - අබේවර්ධන බාලසූරිය | Kalpana lowa mal wane - Abeywardena Balasuriya


කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

කල්පනා ලොව මල් වනේ...

මා වටා සහසක් යුගත් පා‍
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා

කල්පනා ලොව මල් වනේ...


ගායනය - අබේවර්ධන බාලසූරිය
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - අජන්තා රණසිංහ


Comments